Gossips

සයිබීරියාවේ කෙමරෝවෝ ගින්න සාපරාධී නොසැලකිල්ල නිසා සිදුවූවක්

ළමයින් ඇතුළු පුද්ගලයන් 64 දෙනෙකුට මරු කැදවමින් සයිබීරියාවේ කෙමරෝවෝ විනෝදාගාර සංකීර්ණයේ ඇති වූ ගින්න සාපරාධී නොසැලකිල්ල නිසා සිදුවූවක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළා.
ඔහු ඊයේ (26) එහි සංචාරයක නිරත වී ඇති අතර, ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
පසුගිය ඉරිදා ගින්න හට ගත් අවස්ථාවේදී විනෝදාගාර සංකීර්ණයේ පාලකයන් අනතුරු ඇගවීමේ සීනු නිහඬ කර ඇති බවත්, පිටවීමේ දොරටු වසා ඇති බවත් පසුව අනාවරණ වුණා.
ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ. රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය අනපේක්ෂිත සිදුවීමක් බවයි.