ගෝලීය සයිබර් ප්‍රහාරයකින් තම රටට ද බලපෑම් එල්ල වූ බව ඉරාන තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා පවසනවා.
ඔහු කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තම රටේ පරිඝනකවල ඇමරිකානු ධජය සහිත අනතුරු ඇඟවීමේ ප්‍රකාශයන් සටහන්ව තිබූ බවයි.
එමෙන්ම මෙම සයිබර් ප්‍රහාරයෙන් ඇමරිකාව, ඉන්දියාව සහ යුරෝපා රටවලට බලපෑම් එල්ල වී ඇති බවයි ඉරාන තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.