සයිප්‍රස් රාජ්‍යයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල තඹුත්තේගම පාර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
තමන්ට රැකියාවක් ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබාදී සයිප්‍රස් බලා ගිය පසු රැකියාව නොලැබුණු බවට පුද්ගලයෙකු යොමුකළ පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනයකදීයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් කාන්තාව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් දස දහසක මුදල් ඇපයක් මත පසුගියදා මුදා හැර තිබෙනවා.
