Gossips

සයිටම් හිමිකරු ගිණුම්කාරක සභාවට කැඳවන්නැයි ජවිපෙ ඉල්ලයි

රජයට පවරාගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පුවත්පත් දැන්විම් පල කරමින් විකිණීමට සුදානම් වීම සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ වූ නියෝගයන් පිළිබඳ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.
එමෙන්ම වෛද්‍ය පිඨ සදහා අවම සුදුසුකම් ලෙස එස් සාමාර්ථ තුනක් පමණක් අවශ්‍ය බවට ගෙන ඒම නියමිත රජයේ යෝජනාව සම්බන්ධයෙන්ද වාචික ප්‍රශ්න පිලිතුරු අපේක්ෂා කරන අවස්ථාවේදී සංවාදයට ලක්වුණා.