මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මසක් ඇතුළත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බදවා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි පරිපාලනයට උපදෙස් ලබාදී තිබෙනවා.
පසුගිය 3 වනදා ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී අදාළ තීරණය ගනු ලැබූ බවයි ඊට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.