සයිටම් සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තමන් කඩිනමින් ඇතුළත් කරන ලෙසට බල කරමිනුයි මෙම සිසුන් මෙලෙස විරෝධතා පා ගමනේ නිරතවුණේ.
අද පෙරවරුවේ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ මෙම සිසුන් පසුව පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.
ඒ ජනාධිපතිවරයා වෙත සන්දේශයක් භාරදීම සඳහායි. මේ වනවිට විරෝධතා පාගමට එක්ව සිටින සිසුන් පස්දෙනෙකු අදාළ සන්දේශය භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මෙම විරෝධතාවට සහය පළ කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් කිහිපදෙනෙකු ද එක්ව සිටිනවා.