Gossips

සයිටම් සිසුන් ගැන ජනපතිගත් තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ඒ සම්බන්ධයෙන් හඩක් නැගූ පාර්ශව වලින් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය අගය කරන බවයි.
සයිටම් අර්බුදයට විසදුම් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබාදුන් යෝජනා තුලද මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් බවයි ඔහු ප්‍රකාශ කළේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි ප්‍රකාශයක් සිදු කළද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තවමත් පවසන්නේ සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමටයි.
නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, එහි වෛද්‍ය පීඨ පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලූ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදුකිරීමට අදාළ සාකච්ඡාවේදී තවදුරටත් තීරණය වී ඇත්තේ.