සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ ඊයේ කැඳවා තිබූ සමුළුවේදී එහි නම නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ලෙස වෙනස් කරනු ලැබුවා.
සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය ශිෂ්‍ය සංගම්, වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත වුණා.
මෙම සමුළුවේදී නම වෙනස් කිරීමට අමතරව සමුළු යෝජනා හයක්ද සම්මත කරගෙන තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපනය මානව අයිතියක් ලෙස පිළිගැනීම, දළජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කිරීම, පාසල් අධ්‍යාපන ගැටළු විසඳීම, පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කිරීම මෙම යෝජනා අතරට ඇතුලත්.
