Gossips

සයිටම් සමීර අත්අඩංගුවට

සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ගමන් ගත් මෝටර් රථයට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සයිටම් ආයතනය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, එය හිතාමතා සැලසුම් සහගතව සිදුකරන ලද සිද්ධියක් බවයි අනතුරුව හෙලි වූයේ.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රශ්න කර තිබුණා.
ඊට අදාළවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.