Gossips

සයිටම් වෛද්‍ය සිසුන් 980ක්, කොතලාවල යවන්න, කැබිනට් පත්‍රිකාවක්

සුදුසුකම් සලකා බලා සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදියි.
මේ අතර, ලබන 17 වැනිදා පෙරවරු අටේ සිට දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.
ඒ, දැනට ක්‍රියාත්මක සිංගප්පූරු වෙළඳ ගිවිසුමට සහ එට්කා ගිවිසුමට විරෝධය පළ කරමින්.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අදාළ ගිවිසුම අත්සන් කිරීම හරහා ක්ෂේත්‍ර රැසක වෘත්තීන් අනතුරට ලක්කර ඇති බවයි.