Gossips

සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල පීඨයට යොමු කිරීමේ පනතට කථානායක අත්සන් තබයි

සයිටම් ආයතනයේ ලියාපදිංචි වී ඇති වෛද්‍ය සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වන පනතට කථානායක කරූ ජයසූරිය අද අත්සන් තැබුවා.
ඒ අනුව එම පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නීතිමය බලය සහිත පනතක් ලෙස අද සිට ක්‍රියාත්මක බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.
සයිට්ම් වෛද්‍ය සිසුන් නවසිය අසූ දෙදෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරිමට අදාල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ පසුගිය 20 වනදා යි.