Gossips

සයිටම් තීරණයට සිසු සංගම් විරෝධය

සුදුසුකම් ඇගයීමට ලක් කර, සයිටම් වෛද්‍ය සිසුන් 982 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඊයේ ලබාදුන් අනුමැතියට එකඟ නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති, මහාචාර්ය කාලෝ ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ සයිටම් සිසුන් 982 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයට තමන් එකඟ වන බවයි.