Gossips

සයිටම් ගැන වෛද්‍ය සංගමයෙන්, යළි සංදේශයක්

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලබන අඟහරුවාදා විශේෂ සංදේශයක් භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
විවිධ පාර්ශවයන් සමඟ පසුගිය දිනවල පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයකට අනුව මෙම සංදේශය සකස් කර ඇති බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
සයිටම් ගැටළුම සම්බන්ධයෙන් අපේක්ෂිත විසඳුම් සහ තවත් කරුණු එම සංදේශය තුළ අඩංගු බව ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළා.