Gossips

සයිටම් ගැටලුවට විසඳුම් හොයන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙරමුණට

සයිටම් ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් හෙටින් පසු තමන් වහන්සේ නායකත්වය ගන්නා බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (20) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා උන්වහන්සේ හමුවූ අවස්ථාවේදීයි.
මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නව පනතක් මගින් ඇතුලත් කිරීමට රජය ගෙන ඇති තීන්දුව හා තවත් කරුණු කිහිපයක් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (20) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා.