Gossips

සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 81 ක් කොතලාවලට

සයිටම් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් 81 දෙනාට ලබන 31 වනදා දක්වා කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එසේ නොවුණහොත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන බවයි ඔහු කියා සිටියේ.
සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දිය යුතු බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයත් සමග ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යරවයා මේ බව සඳහන් කළා.