තම මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය පැමිණිල්ලක් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න ලබන මස 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී වෛද්‍ය සමීර සේනාරත්න ඉදිරිපත් කළ ඇප අයදුම්පත ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
ඔහු ගමන් ගත් මෝටර් රථයට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සයිටම් ආයතනය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, එය හිතාමතා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව පරීක්ෂණවලදී අනාවරණ වුණා.
සිද්ධිය සැලසුම් කිරීමට වෛද්‍යවරයා විසින් කඩුවෙල මහ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන අරුණ ලක්මාල් විලත්ගමුවට රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් ලබා දී ඇති බව ද අද අධිකරණය හමුවේ අනාවරණ වුණා.