Gossips

සමෘද්ධි හිමිකම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

සමෘද්ධි සහනාධාර ලැබීම සඳහා සුදුසුකම් ඇති රට පුරා සිටින සියලූ ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදී ආරම්භ වනවා.
මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අඩු ආදායම්ලාභි පවුල් 150,000 කට අලූතින් සමෘද්ධි ප්‍රතිලාභ හිමිවීමට නියමිතයි.
පළමු අදියර යටතේ නව ප්‍රතිලාභීන් 1500 කට සමෘද්ධි සහනාධාර ලබාදීම පොළොන්නරුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරෙන අතර, මාස 06 ක් ඉක්මයාමට ප්‍රථම දිවයිනේ සියලූ සුදුසුකම් ලාභින් වෙත සමෘද්ධි සහනාධාර ලබාදෙනු ඇති.
මේ අතර, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා අද දිනයේදී ජනාධිපතිවරයා විසින් මුල්ගල තැබෙනවා.
නවීන තාක්ෂණ පහසුකම් සහිත මෙම පුහුණු මධ්‍යස්ථානය පොලොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය පාරේ දොර දෙක ප්‍රදේශයේ පිහිටි අක්කර 17 ක භූමි භාගයක ඉදිකිරිමට නියමිතයි.
නෙදර්ලන්ත ණය ආධාර යටතේ ඉදි කෙරෙන පුහුණු ආයතනයට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6500ක්.
එමෙන්ම, රුපියල් මිලියන 250 ක වියදමින් පොළොන්නරුව ඉපැරණි ගිනිපෙට්ටි පාලම නැවත ඉදිකිරිමේ කටයුතු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරුවරුවේ සිදු කෙරෙනවා.