Gossips

සමෘද්ධි සහනාධාරය වැඩි කිරීම ගැන පාර්ලිමේන්තුවේ කතාබහ

සමෘද්ධි සහනාධාරය වැඩි කිරීම තුළින් පමණක් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ දෙවන දින විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින්.
මේ අතර, ද්විත්ව පුරවැසිභාවය ලැබූ පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, විදේශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපති කාර්යාලවල සේවය සඳහා පත් කර ඇති ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පිළිබදවයි.
එවැනි පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීම හානිදායක බව ද නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
ඔහු කියා සිටියේ මීට පෙර ද්විත්ව පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත් කිරීම තුළින් ද මෙවැනිම ගැටළුවකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර එවැන්නන් මෙරට කටයුතු පිළිබදව නිසි වගකීමකින් කටයුතු නොකරන බවයි.
අයවැය විවාදය ආරම්භවීමට පෙර පාසල්වල පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟවලදී මත්පැන් ප්‍රවර්ධනය පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ප්‍රශ්නයක් යොමු කළා.