Gossips

සමෘද්ධි සංවර්ධන බැංකුව මහබැංකුව යටතට – අගමැති

සමෘද්ධි බැංකුව, මහ බැංකුවේ පාලනය යටතට පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ, කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ අනෙකුත් සියලූ බැංකු මහ බැංකුවේ අධීක්ෂණයට සහ පාලනයට ලක්වුවද සමෘද්ධි බැංකුවට භාරකාරයෙකු නොමැති බවයි.
එහි තැන්පතු මුදල් සීමාවන් ඉක්මවා වැය කිරීම පිළිබඳව සොයා බලන ලෙස තමන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.