කුමන හේතුවකටවත් සමෘද්ධි සංවර්ධන බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට ඉඩ ලබා නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (06) පස්වරුවේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.
මේ අතර අග්‍රාමාත්‍යවරයා මැයි දින රැළියේදී පැවසූ අයුරින් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට හැකියාවක් නොමැති බව සමෘද්ධි විෂය භාරව සිටි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබදව හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය වන බවයි.
තුනෙන් දෙක ලබා ගැනීමට ආණ්ඩුවට ඉඩ නොදෙන බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.