Gossips

සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු වටරවුමේ

විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ඉල්ලීම් 4 ක් මුල් කරගනිමින් අද දිනයේ වර්ජනයේ නිරත සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ මේ වනවිට බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිිරිපිට විරෝධතාවක නිරතවනවා.
මේ හේතුවෙන් බත්තරමුල්ල අවට රථවාහන තදබදයක් හටගෙන ඇති අතර. පොලීසිය ජනතාවට දැනුම්දුන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමුණු නමුත් එය මේ වනවිට විවෘත කර තිබෙනවා.
මේ අතර සමෘද්ධි නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
විෂයභාර අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ වසරක් ගතවීමට පෙර මෙම සියලූ සමෘද්ධි නිලධාරීන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර විශ්‍රාම වැටුප් ලබාදීමට තමන් කටයුතු කරන බවයි.