Gossips

සමෘද්ධිය ලබාදීම සදහා නව ක්‍රමවේදයක් ඇති කිරීමට අවධානය

නුසුදුසු පුද්ගලයින්ට සමෘද්ධිය හිමිවන බවට වන චෝදනා හේතුවෙන් සමෘද්ධිය ලබාදීම සදහා නව ක්‍රමවේදයක් ඇති කිරීමට අවධානය යොමුකර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
මේ අතර, සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමේ යෝජනාව සති දෙකක් ඇතුළත රජය හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවයි.
සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙලෙස අදහස් පළ කළේ සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
– ගයන්ත කරුණාතිලක
– සමෘද්ධි සුදුස්සන්නට ලැබෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම නුසුදුසු අය සමෘද්ධිය ලබනවා කියන චෝදනාව තියෙනවා. ඉතිං ඒ නිසා අපි අවුරුදු 3 කට පස්සේ හරි අලුත් විදිහට මේක ගැන හිතලා නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරලා නැති බැරි මිනිස්සු ඇති හැකි අය විදිහට පත් කරන ව්‍යාපාරයක් හැටියට ඒක පත් කරන එක ගැන තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීම අදහස් පළ වුණා.
– පුජ්‍ය ගලගම ධම්මරන්සි හිමි – නායක – දේශ විමුක්ති ජනතා පක්ෂය
– සමෘද්ධි මුදල් ටික දැන් මහ බැංකුවට ගන්නවා කියලා අගමැතිතුමා බොහොම ඉහළින් කතා කළා. ඉතිං මහ බැංකුව මංකොල්ල කෑව එකාට මේ සමෘද්ධියට ගහන එක මොකක්ද වැඩේ. ඒක නිසා මේ දුප්පතාගේ දහදිය කදුල මත තියෙන සමෘද්ධි අරමුදල් ටික දේශපාලන අවශ්‍යතා මත පාවිච්චි කිරීම සදහා සූදානම් වෙනවානම් ඒකට එරෙහිව මහ පාරට බහින්න අපි සූදානම් කියලා සිහිපත් කරන්න ඕන.
– ජගත් කුමාර – ප්‍රධාන ලේකම් – සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිෂ්පාදකයින්ගේ සංගමය
– මේ ව්‍යපාරයත් අරමුදලත් රකින්න අපිට ජීවිත සිය ගණනක් බිලි දෙන්න ඕන වුණොත් ජීවිත සිය ගණනක් පුජා කරන්න වුණොත් අපි ඒ පූජා කරන්න ලෑස්තියි. පුජා කරලා මේ අරමුදල රකිනවා. ඒ වගේම මේකට අත තියනවා කියන්නේ ආණ්ඩුව ගෙදර යවන ගමන ඉක්මන් වෙන එක අගමැතිකම්, නායකත්ව කම් ඒ සියල්ල නැති වෙන්නයි මේ අරමුදලට අත තිබ්බොත් වෙන්නේ. අපි සතියක් මේ සම්බන්ධයෙන් අගමැතිතුමාට කල් දෙනවා. කරුණාකරලා මේ ප්‍රතිපත්තිය ඉල්ලා අස්කර ගන්න. කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටලා කෙහෙල් ගහට කොටලා හොට පටලවා ගන්නවා වගේ අගමැතිතුමනි ඔබතුමාගේ ආණ්ඩුව වැරදි තැනකට අත තිබ්බේ.
– එස්.එම්. චන්ද්‍රසේන
– ඒ සැකේ ජනතාව තුළ තියෙනවා මේ බැංකු ටික කඩා වැටෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඉතිරි කිරීම් නැතිවෙයි ඊට පස්සේ කොටස් මුදල් ඉවත් කරගන්න බලයි. සමාජික තැන්පත් නොකර ඉදියි එතකොට මේ සමෘද්ධි ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් අගමැතිතුමාට කියනවා මේක ඉල්ලා අස්කරගන්න මේක කරන්න පුළුවන් දේකුත් නෙමෙයි.
එන්.ඒ.අයි.බී. අබේසිංහ – ප්‍රධාන සභාපති – සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය
– අපි අහනවා වෙහෙර ගිලපු අග්ගලේ කජ්ඡක්ද කියලා. බිලියන 200 කට ආසන්න වත්කම් ප්‍රමාණයක් අපි සතුව තියෙනවා. එහෙමනම් මේ හදන්නේ මේ හොරිකඩ ආණ්ඩුව අවුරුදු ගානක් ඇදගෙන යන්න සල්ලි නැති හන්දා. මේ තියෙන අහිංසක දුප්පතාගේ සල්ලි ටිකට කෙලින්න. අපේ කර මතින් අපේ මිනි මතින් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගන්නවානම් මහ බැංකුවට ගන්න තියෙන්නේ. මරාගෙන මැරෙන සටනක් අරගලයක් අපි හෙට දිනයේ සිට අරඹන්න ලෑස්තියි. ඔහු විසින් මෙය ඉල්ලා අස්කරගත යුතුයි.