මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රකීනේ ප්‍රාන්තයේ සමූහ මිනීවලවල් රැසක් පවතින බවට පළ වූ වාර්තා මියන්මාර රජය ප්‍රතික්ෂේප කළා.
රොහින්ග්යාවරුන් මියන්මාර හමුදාවල පීඩාවන්ට ලක්වන බවට චෝදනා එල්ල වන අතර මේ වනවිට හයලක්ෂ 90,000 ක් පමණ පිරිසක් බංග්ලාදේශයට පලාගොස් තිබෙනවා.
එම සරණාගතයන්ගෙන් ලද තොරතුරු අනුවයි වාර්තාකරුවන් මෙලෙස මියන්මාරයේ සමූහ මිනීවලවල් පිලිබද තොරතුරු අනාවරණ කළේ.
කෙසේ නමුත්, එලෙස සමූහ මිනීවලක් පවතින බවට වාර්තාවල සදහන් වූ ස්ථානයක් පරීක්ෂා කිරීමෙන් පසු එහි සත්‍යතාවක් නොමැති බව හෙළිවී යැයි මියන්මාර රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.