Gossips

සමු ගැනීමට සැරසෙන රංගන වාර්තා පොත් අතරට

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් වුණා.
ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත නායක ජෝ රූට් දවා ගනිමින්.
ලකුණු 36ක් ලබා සිටි ජෝ රූට් අද තරඟයේ දී රංගන විසින් යැවූ දෙවන පන්දු වාරයේ පළමු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා.
20 වැනි සියවස සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් සම්බන්ධතාව නිමා කරමින් ලොව දක්ෂතම වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්, මෙම තරඟයෙන් පසු ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නවා.