Gossips

සමුගත් සුපිරි ක්‍රීඩා තරුව බෝල්ට් යළි එයි

ජැමෙයිකාවේ කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් යළි සුපිරි තරඟාවලියකින් ක්‍රීඩාවට අවතීර්ණ වීම පිළිබඳව පුවතක් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස සමුගත් සුපිරි තරුව යළි පිටියට එන්නේ පාපන්දු තරඟයකින් වීම විශේෂත්වයක්.
සිය වෘත්තියෙන් සමුගත් මේ සුපිරි තරුව පාපන්දු ක්‍රීඩාවට පිවිසීමට තීරණය කර ඇත්තේ යුනිසෙෆ් සංවිධානයට ආධාර එකතු කිරීම වෙනුවෙනුයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෝල්ට් සඳහන් කර ඇත්තේ තමන් මෙම තරඟාවලියේ දී අපරාජිතව සිටීමට උත්සහ ගන්නා බවයි.
එසේම ඉදිරියේදී තමන් පාපන්දු ක්‍රීඩකයෙක් වීමට උත්සාහ ගන්නා බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
බෝල්ට් ලෝක පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකයා ලෙස මෙම තරඟාවලියට එක්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.