Gossips

සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා දිනයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
විභාග විෂමාචාර ක්‍රියාවල නිරතවීම ඊට හේතුවී තිබෙනවා.
විභාග විෂමාචාර ක්‍රියාවල නිරතවීම සම්බන්ධයෙන් අයදුම්කරුවන් 2798 දෙනෙකුට චෝදනා එල්ලවූ අතර, ඉන් 1829 දෙනෙකු පරීක්ෂණවලට මුහුණදීමෙන් පසු නිදහස් කර තිබෙනවා.