ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලේ ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් ගැටළු ගණනාවක් මතු වී ඇතැයි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසනවා.
පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය වල පල වූ මෙවැනි ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම මධ්‍යස්ථානය අද (29) මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
එමගින් ඔවුන් පෙන්වා දී තිබුණේ දුර්ලභ ගනයේ ලේ වර්ග ද හිඟයකින් තොරව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින බවයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මෙවැනි ඉල්ලීම් නිසා රුධිර දායකයින්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණය වීමක් සිදුවන බවයි එහි කාර්ය භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
