Gossips

සමාජ මාධ්‍ය පිළිබඳ අනතුරු ඇඟවීමක්

ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් යන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ප්‍රචාරය වන්නේ ව්‍යාජ තොරතුරු බව ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායමක් ප්‍රකාශ කරනවා.
ඒ අනුව සමාජය තුළ ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යයනය කරන බවත්, වැරදි තොරතරු ප්‍රචාරය වීම වැලැක්වීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇති බවත් එම පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.