Gossips

සමාජ මාධ්‍ය අවභාවිතයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු යළි රිමාන්ඩ්

සමාජජාල මාධ්‍ය හරහා ජාතීන් අතර විරසකකම් ඇති වන ආකාරයේ තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාසල් සිසුවෙකු ලබන මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊට අදාළ නඩුව අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදී ඔහු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් වන මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.