Gossips

සමාජ මාධ්‍යවල කරන්න පුළුවන් දේ ?

සමාජ මාධ්‍ය ඔස්සේ යම් පණිවුඩයක් හුවමාරු කර ගැනීම මෙරට නීතිය අනුව වරදක් නොවන බව නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
අද පෙරවරුවේ නීතිඥ සංගම් මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.
නීතීඥ ප්‍රතිභා මහානාමහේවා
අද දරුවෝ 3 දෙනෙකුට අධ්‍යාපන අයිතිය අහිමි කරලා මේ රජය.ෆේස් බුක් එකේ යම්කිසි පණිවිඩයක් ෆෝවඩ් කරයි කියලා හිරබත් කනවා.මොනවා යටතේද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ.මේකට සම්බන්ධ එක්කෙනෙක්වත් අල්ලගෙන නෑ.ඊමේල් එකක් ෆෝවඩ් කිරීම ලංකා නීතියේ වරදක් නෙවෙයි.ජනාධිපතිතුමාගේ වෙබ් සයිට් එක හැක් කරයි කියලා ඒ ළමයාව අත්අඩංගුවට අරගෙන සම්මාන පිට සම්මාන දීලා ඒ දරුවව පිටමන් කරලා ඇරියා.මොකක්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය.කෝ නීතියේ සර්ව සාධාරණත්වය.රජයේ විධායක පරිපාලන නිලධාරියෙක් මානව හිමිකමක් කඩනවා නම් නිහඩව ඉන්න එපා.ඒ වෙලාවෙම ශබ්දය නගන්න.කරුණාකරලා වීඩියෝ කරලා ඒ විඩියෝ එක දාන්න ඉන්ටර් නෙට් එකට.එහෙම දැම්මයි කියලා අල්ලන්න බෑ.පොලිස් නිලධාරියෙක් කවුරු හරි ගහනවා නම් ඒක අරගෙන දාන්න වීඩියෝ එකට බය නැතුව.අල්ලන්න බෑ.
මහ දවල් අපි එනකොට වෙඩි තියෙනවා.ග්‍රෑන්ඩ්පාස් මෙතන ඔලු ගෙනල්ලා දැම්ම.මේ දවස් 2ක් නෑ.මෙතනට ගෙනල්ලා අපරාධ කරන්න පුළුවන්නම් මොනවද කතා. ඒ අපරාධ විසඳන්න විශේෂ අධිකරණ නෑ.මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෝ දෙන්න අත්අඩංගුවට ගත්තහම දකුණේ දේශපාලනඥයෝ වැලිගම පොලිසියට කතා කරලා සම්පූර්ණ බලපෑම් කරලා තියෙනවා.කෝ නීතියේ සාධාරණත්වය.