Gossips

සමාජ ජාල මාධ්‍ය ප්‍රවෘත්තිය ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමන් පත්කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර යන නිවේදනය ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
සිය නිල ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙය ජනතාව නොමඟ යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්වයක් ඇතිකිරීමට යම් පාර්ශවයින් විසින් කරන ලද උත්සාහයක් බවයි.