Gossips

සම්මුතිවාදී ආණ්ඩුවේ වෙනසක් නැහැ – ඇමති දුමින්ද

සම්මුතිවාදී ආණ්ඩුවේ වෙනසක් සිදු නොවන බව අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ද ප්‍රකාශ කළා.
පසුගිය කැබිනට් රැස්වීම වර්ජනය කළ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ද අද රැස්වීමට එක්ව සිටි අතර, ඉන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් කැබිනට් හමුවේදී සාකච්ඡා නොවූ බවයි.
එමෙන්ම කැබිනට් හමුව කරදරකාරීන්ගෙන් තොරව පැවති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.