සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (01) උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
උදෑසන 9.30 වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසට ජනාධිපති කාර්යාලය විසින් අමාත්‍යවරුන් වෙත දැනුම්දී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අද සිදුවීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (30) සිදුවුණා.
ඒ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාමණ්ඩිය වන අභාවප්‍රාප්ත වයඹ පළාත් හිටපු අමාත්‍ය බී.එම්. විජේනායකගේ නිවසේදියි.
පසුගිය සිකුරාදා දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී සිදුවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද ඉඟියක් පළ කළා.
ඒ අනුව අද සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය ධුරවල විෂයන් රැසක් සංශෝධනය වීමට නියමිත බවයි වාර්තාවන්නේ.
