ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලා තිබෙනවා.
ඊයේ (22) සිදුකළ වැටලීමේදී ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 04 දෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම කාන්තාවන් අවුරුදු 24ත්, 36ත් අතර වයස්වල පසුවන අංගොඩ, උඩුපුස්සැල්ලාව සහ කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
