උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ අනුරාධපුර රුවන්වැලි මහසෑ රඳුන් අභියස පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.
මිණි කරඬුවක, ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේ තැන්පත් කළ 96 කෝටියක් මහරහතුන් වැඩ සිටි රුවන්වැලිසෑ පිං බිමේ හෙට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සංවිධානය කර තිබෙනවා.
මේ මහා පිංකමේදී රුවන්වැලි මහසෑ පුදබිමට ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බුමුතුරුණු පූජාවක් සිදුකෙරෙන්නේ දිවා කාලයේ සලපතල මළුව උණුසුම් වීම නිසා සැදැහැවතුන්ට ඇති වන අපහසුතා වැළැක්වීම සදහායි.
එසේම, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ දොළොස්මහේ පහනක් පින් බිමට පූජා කිරීමත් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සිදුවනවා.
හෙට පස්වරුවේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ආලෝක ප්‍රක්ෂේපණ රටා යොදා ගනිමින් සිදුකෙරෙන මහසෑ රඳුන් උදෙසා වූ ෂඩ් වර්ණ ආලෝක පූජාවත්, අධිෂ්ඨාන පූජාවත් මේ යටතේ සිදුකිරීම විශේෂත්වයක්.
මේ අතර, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබූ, හිරු උත්තම ධාතු වන්දනා පිංකම ඵෙතිහාසික අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී අනිද්දා අලූයම ආරම්භ වනවා.
වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරය සතු කපිලවස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් ද සියලූ පහසුකම් සැළසීමට හිරු එෆ්, හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය දැනටමත් කටයුතු සූදානම් කර අවසන්.
