Gossips

සම්බා සහල්, කුකුළු මස් සහ බිත්තරවලට පාලන මිලක් එන ලකුණු

සම්බා සහල් සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.
වෙළඳ පොලේ සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනුයි අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වු ජීවන වියදම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ.
එමෙන්ම ඉදිරි සති 2 ඇතුලත කුකුල් මස් හා බිත්තර මිල සඳහා ද පාලන මිලක් නියම කිරීමට කටයුතු කරන බව ජීවන වියදම් කමිටුව ප්‍රකාශකර තිබෙනවා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින බවයි කමිටුව පෙන්වාදී ඇත්තේ.