Gossips

සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගල්කිස්සේ ගණිකා ජාවාරම

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.
වැටලීමේදී කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 33 සහ 46 වයස්වල පසුවන රඳාවඩුන්න සහ පදවිය යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
ඔවුන් අද (17) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි පොලිසිය පැවසුවේ.