Gossips

සම්බාධක පවතින තුරු නිරායුධ විය නොහැකි බව උතුරු කොරියාව කියයි

ඇමරිකාව ප්‍රමුඛ ජගත් සංවිධාන සම්බාධක තම රටට එරෙහිව ක්‍රියාත්මක වන තුරු උතුරු කොරියාව නිරායුධ කළ නොහැකි බව එරට විදේශ අමාත්‍ය රී යොං – හෝ ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවට ඇමරිකාව පිළිබඳ විශ්වාසය බිඳවැටෙමින් පවතින බවයි.
එරටට එරෙහි සම්බාධක ඉවත් කළ යුතු බවට රුසියාව සහ චීනය ජගත් සංවිධාන මහා මණ්ඩලය හමුවේ කියා සිටියා.
ට්‍රම්ප් පරිපාලනය සඳහන් කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්පූර්ණ වනතුරු සම්බාධක ඉවත් කළ නොහැකි බවයි.