Gossips

සම්බාධක නිසා ඉරානයෙන් තේ ඇණවුම් අඩුවෙයි

ඇමරිකාව, ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරටින් ලැබෙන තේ ඇණවුම් ප්‍රමාණය අඩු වී ඇතැයි තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ලබාදෙන ඇණවුම් සඳහා පවතින මුදල් ගෙවීමේ දුෂ්කරතා ඊට හේතු වී ඇති බවයි එම සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම මත මෙමගින් සිදුවන අලාභය තරමක් දුරට පාලනය වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.