Gossips

සම්බන්ධන් අලූත් බලාපොරොත්තුවක

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිසු අයිතියට පත් කෙරුණා.
නැගෙනහිර විශ්වවිද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයාව එහි සිසුන් මහත් හරසරින් පිළිගත් අතර, ඉදිවූ නව ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 410 ක්.
ජනාධිපතිවරයා නව සංවිධිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වුණේ ඉන් අනතුරුවයි.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 784 ක්.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද එම අවස්ථාවට එක්ව සිටියා.