දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වව්නියාවේදී අද විරෝධතාවක නිරත වුණා.
ඔවුන් කියා සිටියේ යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පවතින ගැටළු විසදීමට දෙමළ ජාතික සන්ධානය මැදිහත්ව නොමැති බවටයි.
