Gossips

සම්බන්ධන්ගේ සහායට ඊ.පී.ඩී.පී ය එයි

දෙමල සන්ධානයට උතුරු පළාතේ තනිව බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතනවලට සහය ලබාදීමට ඊ.පී.ඩී .පී. සංවිධානය තීරණය කර තිබෙනවා.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව උතුර පළාතේ ආයතන කිහිපයක් හැර අනෙක් පළාත් පාලන ආයතනවලට තනි බහුතර බලයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබී නැහැ.
කයිට්ස් සහ ඩෙල්ෆ් යන පළාත් පාලන ආයතන සඳහා ඊ.පී.ඩී .පී. සංවිධානය බහුතර බලයක් හිමිව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙලෙස සහය දක්වන පලාත් පාලන ආයතනවල මාස 6 ක කාලයක් තුළ ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඉවත්වීමටද තීරණය කර ඇති බවයි ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා කියා සිටියේ.