Gossips

සමස්ත ලංකා පාසල් ජවන හා පිටිය ක්‍රීඩා සැණකෙළිය අද

සමස්ත ලංකා පාසල් ජවන හා පිටිය ක්‍රීඩා සැණකෙළිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (01) ආරම්භවනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් අද විවෘත කරනු ලබන මළල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල මේ මස පස්වනදා පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවනු ඇති.