සාමය සහ සමගිය අගයන රටක් ගොඩනැගීමට පුලුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට එන්නැයි සමස්ත කාන්තා පරපුරට ඇරයුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ දිනෙන් දින සමාජය තුලින් ගිලිහී යන මනුෂ්‍යත්ව රැක ගනිමින් සියලුදෙනාට සහෝදරත්වයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට කාන්තාවන් පෙරට පැමිණිය යුතු බවයි.
ඉතිහාසයේ එක් එක් යුගයන් තුල කාන්තාවන් රට වෙනුවෙන් ඉටු කළ විශීෂ්ඨ මෙහෙවර ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
මාතෘත්වය මුල්කර ගත් කාන්තා පරපුරට හිමිව ඇති ප්රමුඛ වගකීම වන්නේ සියලු ජාතීන් අතර සාමය සහ සමගිය ගොඩනගමින් සියලුදෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටක් ගොඩනැගීමට දායක වීම බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.
කාන්තාවන්ට හිමිවිය යුතු සමාජ ගෞරවය මෙන්ම පිළිගැනීම ලබාදීමට රජය කටයුතු කරන අතරම ඒ පිළිබඳ සමාජයේ සියලුදෙනා තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.