Gossips

සමලිංගික ඇසුරක් පිහි ඇණුමක් දක්වා දුරදිග යයි

මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත්කළ බව මාතලේ පොලිසිය පවසනවා.
මාතලේ වාලවෙල හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හා 24 වයසැති මෙම තරුණයින් දෙදෙනා වසර දෙකකට පමණ පෙර එක් තරුණයෙකුගේ දුරකථනයකට පැමිණි කෙටි පණිවිඩයක් හේතුවෙන් දැන හදුනා ගෙන මාස ගනනක් දුරකථනයෙන් කථා කර ඇති කරගත් හිතවත් කම සමගිංගික ඇසුරක් බවට පත්ව ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරික්ෂනයන්ගෙන් අනාවරණය කර ගැනිමට හැකිව තිබෙනවා.
මෙම තරුණයින් දෙදෙනා විටින් විට ඔවුන්ගේ නිවෙස්හි දින ගනන් නැවති මිතුරන්ලෙස ආශ්‍රය කර ඇති අතර පසුගිය වසරේදී මෙම තරුණයින් දෙදෙනා මාතලේ නගරයේ ප්‍රධාන සිල්ලර බඩු වෙළද සැලක සේවයට එක්වී එහි නැවතුම් පලහි නතර වී සේවය කර තිබෙනවා.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු එහි සේවයෙන් ඉවත්වි විදේශ ගතවිමට තිරණය කර ඇති අතර එම තිරණයට උරණවු අනෙක් තරුණයා අත්‍යවශ්‍ය කාරණයක් කීමට ඇති බව පවසා අවසන් වරට ඔහුව හමුවන ලෙස ඉල්ලිමක් කර තිබෙනවා.
එම ඉල්ලීමට අනුව මාතලේ නගරයට පැමිණි එම තරුණයා සමග මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ අවන්හලක නතර වු මොවුන් දෙදෙනා අතර විදේශ ගතවිමට ගත් තිරණයට එරෙහිව ඇති වු බහින් බස් විම දුරදිග යාමෙන් පිහිණැමක් දක්වා වර්ධනය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
මොවුන් දෙදෙනොගෙන් එක් අයෙකුගේ ඇදුම් බැගයේ සගවා තිබූ වස බෝතලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
තුවාල වු පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු මාතලේ අධිකරණයටඉදිරිපත් කිරිමට නියමිතයි.