Gossips

සමයංගේ ආධාරකරුවෙකු අංගොඩදී අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ සමයං නැමති පාතාල සාමාජිකයාගේ ප්‍රබල ආධාරකරුවෙකු මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් සමඟ අංගොඩ – ගල්තොටුව පාර ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
රොහාන් ප්‍රදීප් හෙවත් වැල්ලම්පිටියේ කළුවා නැමති මෙම සැකකරු හිටපු යුද හමුදා සාමාජිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මීට පෙර සමයං නැමති පාතාල සාමාජිකයා සමඟ මොහු අත්අඩංගුවට පත්ව ඇත්තේ කප්පම් ලබාගැනීමේ චෝදනාවකටයි. පසුව ඔහු ඇප මත නිදහස් වී තිබෙනවා.