පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදා පෙරවරුවේදීත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරියගෙන් ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සමන් රත්නප්‍රිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පොලිස් මූලස්ථානයට සිදුකල පැමිණිල්ලට අනුවයි.
මේ අනුව ඔවුන් තිදෙනා අද පෙරවරු 9.30 ට පමණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන් අද දහවල් 12ට පමණ ඉන් පිටව ගියා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේයි.