Gossips

සමන් රත්නප්‍රිය සහ ගාමිණී වියන්ගොඩ පොලිස් මූලස්ථානයෙන් වෙනත් දිනයක් ඉල්ලයි

පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පෙනී සිටීමට නොහැකි බැවින් ඒ සඳහා හෙට දිනයේ අවස්ථාව සළසා දෙන ලෙස පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩ පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සමන් රත්නප්‍රිය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පසුගියදා පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ ලබාදීම සඳහායි ඔවුන් පොලිස් මූලස්ථානය වෙත අද දෙවන දිනටත් කැඳවා තිබුණේ.
පසුගිය සිකුරාදාද සමන් රත්නප්‍රියගෙන් සහ ගාමිණී වියන්ගොඩගෙන් මෙන්ම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරියගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා.
ඒ අනුව ඔවුන්ට දැනුම් දුන්නේ අද දිනයේ පැමිණ ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි.