පුරවැසිබලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පසුගිය දා මාධ්‍ය හමුවකදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මව්බිම සුරැකීමේ ජාතික සම්මේලනය අද (11) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා.
ලිබියානු ජනාධිපතිවරයාට අත්වූ ඉරණම හුවා දක්වමින් සිදුකළ මෙම ප්‍රකාශය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ සංවිධායක පූජ්‍ය ගලගම ධම්මරන්සි හිමියන් කියා සිටියේ.
මේ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් මාතෘ භූමි සුරක්ෂා පදනම ඊයේ (10) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ පුරවැසිබලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය සිදුකළ එම ප්‍රකාශය පිළිබදව වහාම නීතිමය පියවර ගත යුතු බවයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය ද පසුගිය ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.
ඊට අදාළ වැඩිදුර විභාගය සඳහා අද (11) පස්වරු 1ට එහි පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි පිවිතුරු හෙළ උරුමය සඳහන් කළේ.