Gossips

සමනලවත්තේ අතුරුදන් දරුවා සොයා හතරවන දිනටත් මෙහෙයුම්

දින 4ක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවා සෙවීමේ කටයුතු අද දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය සිකුරාදා සිට සිදුකරන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේදී යුද හමුදාවේ භට කණ්ඩායමක් ද එක්වුණා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ සමනලවත්ත විද්‍යාලයේ පස්වන ශ්‍රේ‍්‍රණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙක්. පසුගිය 20 වන දා දරුවාගේ පියා දර කැඞීමට අසළ වනයට ගොස් ඇති අතර, පසුව දරුවා ද පියා සිටින ස්ථානයට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් සදහන් කළේ බලංගොඩ – සමනලවත්ත ආශ්‍රිතව දිවියෙකු පසුගිය දින කිහිපය තුළ සැරිසැරූ බවට තොරතුරු ලැබුණු බැවින් දරුවාට දිවියාගෙන් අනතුරක් සිදුවූවා ද යන්න පිළිබඳව සැක පවතින බවයි.